Friday, 26 April 2024

නායකකම වෙනුවෙන් යූඇන්පීයේ ගුටිකෙළි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා තිබේ. ඒ ඉදිරි මහ මැතිවරණය ගැන තීරණය කිරීම සහ මැතිවරණයේදී පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යටතේද නැද්ද යන්න ගැන තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීම තීරණයකින් තොරව අවසන් වීමෙන් අනතුරුවය.

ඇත්ත වෙත අදහස් දැක්වූ එජාප මන්ත්‍රීවරයෙකු පැවසුවේ ඊයේ පැවති රැස්වීම ආරම්භයේ පටන්ම දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවති බවයි. මෙහිදී කිහිප දෙනෙකු අතර ඇති වීමට ගිය ගුටි බැට හුවමාරුවක් වැළකී ගියේ යාන්තමින් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

වම් ඉවුරේ වෙබ් නාදය