Friday, 21 February 2020

EDITORIAL

නව ආණ්ඩුව සහල් මිල ඉහළ යාම වළක්වාලීමට ගැසට්ටුවක් මගින් මිල පාලනයක් සිදු කළේ . එහෙත් සහල් මිල පාලනයක් සිදු නොවීය. ඇයි?

භාණ්ඩයක මිල පාලනය වන්නේ ඉල්ලුම සහ සැපයුම යන ආර්ථික න්‍යාය මත . මිල වෙනස් කළ හැක්කේ සැපයුමට හෝ ඉල්ලුමට බලපෑමක් කිරීමෙනි. එය හුදෙක් ගැසට්ටුවක් මගින් කළ නොහැකි දෙයකි.

සහල් පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩයකි. අනුව, එහි මිල තීරණය කරනු ලබන්නේ සැපයුම අනුව මිස ඉල්ලුම අනුව නොවේ. එසේ නම්, රජය කළ යුත්තේ සැපයුම සහතික කරලීම . සැපයුම සහතික කරලීමට ඇති බාධා මොනවාද?

සහල් මිල පාලනය කරන මෝල් හිමියන්ගේ ඒකාධිකාරය

නිෂ්පාදකයා ණයගැති වීම නිසා ඔහු වී විකුණන්නේ ණය ලබා ගන්නා ණයකාරයාටම වීම

රාජ්‍ය මැදිහත්වීමක් නොමැති තත්ත්වය තුළ සහල් මිල පාලනය කරන ඒකාධිකාරයක් නිර්මාණය වී තිබීම

එසේ නම් කළ යුත්තේ කුමක්ද?

  • වී මිලදී ගැනීම, සහල් බවට පත් කිරීම සහ බෙදාහැරීම සඳහා රාජ්‍ය මැදිහත්වීමක් ඇති කිරීම
  • මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන් සවිබල ගැන්වීම තුළින් තරඟකාරීත්වයකට ඉඩ සැලසීම
  • වී නිෂ්පාදකයා ණය බරින් මුදවා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම
  • වී නිෂ්පාදකයාට සහතික මිලක් ලබා දීම
  • සහල් ආනයනය නතර කිරීම
  • නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර වැඩිවෙන පිරිවැය අවම කරලීම

අතරමැදියාගේ ලාභය සහ අතරමැදි පිරිවැය වැඩිවීම සහල් මිල ඉහළ යාමට හේතු වන්නේය. මෙය අවම කරලීම සහතික කළ හැකි වන්නේ රාජ්‍ය මැදිහත් වීම තුළින් පමණි. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රාජ්‍ය මැදිහත්වීම අනිවාර්ය අවශ්‍යතාවයකි

ගැසට් මගින් මිල පාලනයක් කළ නොහැකි බව තේරුම් ගැනීමට ආර්ථික විද්‍යා දැනුම අවශ්‍ය නැත.

 

පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ මෙන්ම වත්මන් ගෝඨාභය රජය යටතේ ද නීතියේ ආධිපත්‍ය ක්‍රියාවලියට මහත් සේ බාධාවක් වී ඇත්තේ විලාසිතාවක් මෙන් පැන නැගී ඇති 'වොයිස් කට්' දේශපාලනඥයන් ය.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සෑම පුරවැසියෙකුම සතු අයිතියකි. එම පැමිණිල්ල අප්‍රමාදව විභාග කිරීම පොලීසිය සතු වගකීමකි. එම ක්‍රියාවලියේ මීළඟ අදියර පැවරෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට ය. එම පැමිණිල්ල අධිකරණය වෙත යොමු කිරීම නීතිපතිගේ වගකීම ය.

මෙම ක්‍රියාවලිය අතරතුර එය යටපත් කිරීමට හෝ එය වේගවත් කිරීමට සූදානම් 'රෙඩිමේඩ්' කල්ලි සමාජය තුළ පැනනැගී තිබේ. ඒවා දැන් දිනපතා දකින මාධ්‍ය සංදර්ශන වී තිබේ. විද්‍යුත් ජනමාධ්‍ය අයිතිකරුවන්ට තම ආදායම වැඩි කරගැනීමට ද මේවා හොඳ ප්‍රවෘත්ති ය. පැය භාගයක ප්‍රවෘත්ති විකාශ තුළ තිබෙන්නේ වෙළඳ දැන්වීම් සහ මෙකී 'වොයිස් - කට්' ය.

මේවාට රුචි වොයිස් - කට් දේශපාලනඥයින් රැසක් බෝවී තිබේ. ඔවුන්ගේ රැකියාව වී ඇත්තේ වොයිස් කට් සැපයීම ය.

පසුගිය සතියේ 'ස්විස් තානාපති' ගානියර් නාටකය එක් අවස්ථාවකි. රාජිත සේනාරත්නගේ කිඹුල් නාටකය තවත් අවස්ථාවකි.

දැන් වොයිස් - කට් දේශපාලනඥයන් සහ වොයිස් - කට් මාධ්‍යවේදීන් රහස් පොලීසිය, අධිකරණය, පොලීසිය ඉදිරිපිට පදිංචි වී සිටිති. නීතිය ක්‍රියාත්මක වීමට මේ වොයිස් - කට් දේශපාලනඥයන් බාධකයක් නොවුනා වුවද සමාජයට කරච්චලයකි.

තමන්ගේ මුහුණු, මුහුණු පොතේ දමා ගැනීමට හෝ විද්‍යුත් මාධ්‍යයේ ප්‍රවෘත්ති තුළින් ඉදිරිපත් වීමට මාන බලා සිටින කල්ලි බිහිවී තිබේ. ඒ අතර භික්ෂූන් වහන්සේලා ද වේ. ඔවුන්ගේ ජොබ් එක මෙම මාධ්‍ය කොන්ත්‍රාත් ය. ලියාපදිංචි නොවූ නව දේශපාලන කල්ලි ද බිහිවී තිබේ.

පැමිණිලිවලට අවහිර කිරීම මෙන්ම පැමිණිලිවලට බලපෑම් කිරීම යන දෙකම නීතියේ ආධිපති්‍යට මහත් බාධාවකි. දැන් මීට නීතිඥයන් ද ඇතුළත් වී තිබේ. තම වෘත්තීය ප්‍රචාරය කරගැනීමට ඇතැම් නඩු නැති නීතිඥයෝ 'වොයිස් - කට්' කණ්ඩායමට දැන් එකතු වී තිබේ.

මෙම තත්ත්වය තුළ යහපාලනයක් අපේක්ෂා කළ හැකි ද?

වම් ඉවුරේ වෙබ් නාදය