Friday, 29 March 2024

All Categories

බලධාරීන් කෙතරම් පුරසාරම් දෙඩවුවද රටට ඩොලර් උපයන ප්‍රධාන මාර්ගයක් වන නිදහස් වෙළෙඳ කලාපයේ ඇගළුම් කර්මාන්තයේ සේවයේ නියුතු ශ්‍රමිකයන් මහා පරිමාණයේ සූරා කෑමකට ලක්වන බව වාර්තා වේ. කොවිඩ් ආරම්භ වූ 2020 සිට ඔවුන්ගේ වැටුප අඩකට අඩු කළ අතර ඒ අනුව බොහෝ සේවකටන්ට තවමත් ලැබෙන්නේ රු. 14,500ක තරම් අඩු වේතනයක් බවද වාර්තා වේ.

ආණ්ඩුව ඇගළුම් ක්ෂේත‍්‍රය ගැන කියන රට සල්ලි පුරසාරම කෙසේ වෙතත් මෙම සේවකයින්ගේ අතිකාල දීමනා, පැමිණීමේ දීමනා කප්පාදුවට ලක්ව ඇති අතර, කර්මාන්ත ශාලා හිමියෝ මෙම සේවකයන්ට මුව ආවරණයක් හෝ ලබා නොදෙන බවත් පැය අට ඉක්මවා වැඩ කරන සේවකයින්ට පෝෂ්‍යදායී ආහාර වේලවක් හෝ ලබා නොදෙන බවද වාර්තා වේ. මේ අතර සේවකයන්ට මාස හයකට වරක් ලබාදෙමින් තිබූ ප්‍රසාද දීමනදාද කෝවිඩ් තත්ත්වය මත කපා හැර ඇත.

ඇගළුම් නිෂ්පාදන සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් මේ වන විට ලැබී වාර්තාගත ආදායමක් ලැබී ඇති අතර මූලික පහසුකම්වත් නොමැතිව ඒ සඳහා දිවා රාත්‍රී වැඩ මුර නොනවත්වා සිදු කරන බවද වාර්තා වේ. වෙළෙඳ කලාප සේවකයන්ට තම ආසාධාරණකම් ප්‍රකාශ කිරීමට බලවතුන් නොමැති තත්ත්වයකට අසරණ වී ඇති අතර මේ තත්ත්වය තුළ වෘත්තීය අයිතීන් ගැන කතා කිරීම රැකියාව අහිමි වීමට හේතුවක් වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව හෙළිව තිබේ. එනම් කෝටි 1590කි. 2015 - 2019 බැඳුම්කර වංචාව නිසා රටට අහිමි වූ මුදල කෝටි 689ක් බව කියවේ.
 
පසුගිය 2020 දෙසැම්බර් 13 ඉරිදා ඇත්ත එය වාර්තා කර තිබුණේ මෙසේය.
 

චීනයේ ප්‍රාන්ත 832කට අයත්වන නාගරික මෙන්ම ගම්බද ජනතාවගේ දුප්පත්කම නිමාවට පත් කළ බව චීන ජනාධිපති ෂි ජින් පින් මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. දුප්පත් බව තුරන් කිරීමේ අරගලයට සෘජුව නායකත්වය දුන් 1800 දෙනෙකුට ජනතා ගෞරවයට පාත‍්‍ර කොට සම්මාන පිදීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් රජයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් චීනයේ බීජිං නුවර පැවති උපහාර උත්සවය අමතා චීන ජනාධිපතිවරයා මේ බව මුළු ලොවටම දැනුම් දී ඇත.

මෙම උත්සවය අමතා කතා කළ චීන ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

”දුප්පත්කම සමාජය තුළ පවතින නිධන්ගත රෝගයකි. එය තුරන් නොකොට ජනතාවගේ මූලික අයිතිවාසිකම් සපුරාලිය නොහැකිය. එය සමාජවාදය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුළ සිදු කළ යුතු අරගලයකි. චීන කොමියුනිස්ට් පක්ෂය එම අරගලයට අභීතව නායකත්වය දුන්නා. අපි අපේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට සෘජුවම ක්‍රියා කළා. එපමණක් නොව ආර්ථික සංවර්ධනය තුළින් ලොවේ සෙසු රටවල ජනතාවගේ දුප්පත්කම නැති කිරීමටද අප වක්‍රව දායක වී තිබෙනවා.”

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනට අනුව චීනයේ අන්ත දුගීභාවය තුරන් කිරීමේ ඉලක්කය කරා ළඟා වීමට නියමිතව තිබුණේ 2030 වසරේදීය. එහෙත් 2013දී ෂි ජින් පින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සැලසුමට අනුව චීනයේ දුගී බාවය, 2020 අවසන් වන විට තුරන් කිරීමට චීනය සමත් වී ඇත. 2013-2020 දක්වා ඔවුන්ගේ ඉලක්කගත වැඩ සටහනට අනුව දුප්පත්කමින් මුදවා ගත් චීන ජනගහනය මිලියන 770කි.
චීනයේ දුප්පත්කම තුරන් කිරීමට පාදක වූ ගම්මාන ගණන 150,000කී. ලොව පුරා නායකයින් චීනයට සුබ පැතුම් එක්කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාද චීනයට සුබ පැතු ලෝක නායකයින් අතර විය.

 

Popular Tags

වම් ඉවුරේ වෙබ් නාදය