Friday, 21 February 2020

 ට්‍රැක් හම්පයර්         


ටොරිංටන් හී ක්‍රීඩකයන්ගෙ නවාතැන් වෙනුවෙන් ඉදි කළ නේවාසිකාගාරවල ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලැගුම් ගෙන ක්‍රීඩකයන් ඩෙංගු මදුරුවන් ගහන සුගතදාස හෝටල් පරිශ්‍රයේ රදවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අතරතුර අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බල්ලන් ටොරිංටන් නවාතැනෙන් ඉවත් කරන්නට කටයුතු කර තිබෙන බව වාර්තා වේ. 

අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බිරිද එම බල්ලන් මහරගම ප්‍රදේශයට ආසන්න ඔවුන්ට අයත් නිවසට ගෙන යන්නට ඇතැයි එම ආරංචි මාර්ග සැක පහළ කරයි.එසේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ගණකාධිකාරිවරයාට ව්‍යාපාරික පංතියෙ ප්‍රවේශපත් ත්‍යාග ලෙස ලැබුණ බව පෙන්වමින් සාමාන්‍ය පංතියේ ප්‍රවේශපත් ආකාරයට ලියවිලි සකසන්නට උපදෙස් ලැබී ඇති අතර ඔවුන් දෙදෙනා දිවයිනට පැමිණීමේදී කටාර් වෙත නොගොස් කණ්ඩායම සමඟ පැමිණීමට තීරණය කර ඇත.ඒ අනුව ව්‍යපාරික පංතියේ ප්‍රවේශපත් අවලංගු කරන ලෙස තම නිලධාරීන්ට නේපාලයේ සිට උපදෙස්  ලබා දෙන්නට එම නිලධාරීන් කටයුතු කර ඇත.

 ට්‍රැක් හම්පයර්


දකුණු ආසියාතික ක්‍රීඩා  උළෙලට ගිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ගණකාධිකාරිතුමා ආයතනය ඇතුළෙ ප්‍රසිද්ධ අයියයි - මල්ලියි හැටියටලු.ඒ දෙන්න එකිනෙකාට ආමන්ත්‍රණය කරන්නෙ ඒ විදිහට නිසා                   

මේ අය ක්‍රීඩකයො ගැන හිතන තරම කියන්නෙ ඒ අයව අභියෝගවලට මුහුණ දීම හුරු කරන්නට පරිසර දූෂණය නිසා පීඩාවට පත්වෙන විදිහට සමහර ක්‍රීඩකයො නවදිල්ලිය හරහා යැව්වා.ඒ අය පැය ගාණක් නවදිල්ලියෙන් බහින්න බැරුවත් එතනින් පිටත් කරල හැරිය ගුවන් තොටෙත් හොදට කට්ට කාලා දරා ගැනීම ප්‍රගුන කළා.                  

අයියයි මල්ලියි තමන්ගෙ උපායශීලි දැණුම තැබිය යුතු ඉහළම තැනම තබමින් කටාරය හරහා නේපාලයට ආවෙ ව්‍යාපාරික පංතියෙ ටිකට්වලින්. මේ දෙන්න ඩොලර් 25000 ගාණෙ ට්‍රැවල් කාඩ් අරගෙන යන්නෙ අඩු ගාණෙ ලේකම්ගෙ අනුමැතියවත් නැතිවයි. ඒ සමහර විට ගණකාධිකාරි මහත්තයාට රජයේ මුදල් පාලන ක්‍රමෝපායන් ක්‍රීඩකයන් ගැන බරපතල විදිහට හිතන්න ගිහිං අමතක වෙලා වෙන්න ඇති. හැබැයි මීටර් 200ක් දුර ළමයි බෑග් උස්සන් යද්දි ඒකට හෝටලය හරහා කුලීකරුවෙක් හොයා දෙන්නත් මේ දෙන්නට දේශප්‍රේමීකම නිසාම අමතක වෙනවා.                        

දැන් මේ විදිහට ගණකාධිකාරිතුමා මල්ලිටයි මල්ලිගෙ දෙවැනියටයි ඊට ඉස්සරත් ඩොලර් දෙදාස් ගණන් දීල තියෙන්නෙ ඇග උණුසුම් කරන ව්‍යායාම සඳහා හෝටල් හතරකට එහෙ මෙහෙ ඇවිදින විදිහට නවාතැනක් හොයා තියන්නත් එක්කඒ වගෙම විශ්වාසා පරමා මිත්‍රා කියල විභාග දෙපාර්තමේන්තුවේ වැඩවලට උදව්වටත් මෙයාල එක්කෙනෙක් අරං යනවාමේව ගැන කවුරුහරි හිත රිදෙන කතාවක් කිව්වොත් විගණනය පහසුවෙන්න ඒකෙ ලොකු පුටුවකුත් කැන්දන් යන්නෙ විශ්වාසය තහවුරු කරන්නමයි. මේවට යන ළමයි කිහිප දෙනෙක්ගෙ පුහුණුකරුවන් ඇතුළට ඔබාගෙන මේ ටික කරන්න බැහැනෙතව පුහුණුකරුවන් ගියොත් පිටිටනිවල ළමයි එක්ක ඉදල නිරීක්ෂණ කටයුතු කරනින බැරි නිසා ළමයි ක්‍රීඩා නොකරන පුහුණුකරුවොයි පරිපාලනයට සම්බන්ධ නිලධාරි ටිකකුයි දුර දිග කල්පනා කරල මේකට යොදාගෙන තියෙන්නෙ මෙවැනි උළෙලක් තියෙන තැනෙක වටපිටාව කොහොම වෙන්නද කියල නිරීක්ෂණය කරන්න. 

ඉතිං මෙහෙම අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ක්‍රීඩාවට වාසනාවක් නේද?

 

නිශ්මං රණසිංහ විසිනි.෴


නේපාලය සත්කාරක රට විදිහට තමන්ගෙ පදක්කම් පැස වැඩි කර ගන්නට ඇතුළත් කළ ඉසව්වක් ලෙස ටයිකොන්ඩෝ හැඳින්විය හැකියි. එය වයස්වලට ප්‍රභේද කරමින් වැඩි පදක්කම් ගණනක් එම ඉසව්වට ඇතුළත් වෙන ලෙස සැකසීමෙන් මුල් දින කිහිපය රන් සටහනේ ඉහළින් සිටින්නට නේපාලයට හැකි වුව දමේ වන විට සාම්ප්‍රදායික ආධිපත්‍යය රැක ගනිමින් ඉන්දියාව පෙරට පැමිණ ඇත.                 

නේපාලය දකුණු ආසියාතික රටවල් අතරින් චීනයට සමීපතවම පිහිටා ඇතඒ නිසාම ඔවුන්ට වූෂු ක්‍රීඩාවේ ද යම් බලාපොරොත්තුවක් තැබිය හැකි හැකියාවක් තිබෙන බව ඉතිහාසය පුරාවට ද ඔප්පු කර ඇතඑහෙත් මෙවර සිය සත්කාරකත්වය යටතේ බලාපොරොත්තු සියල්ල නේපාලයට ඉටු කරගන්නට වුෂූ පිටියේ දී අවස්ථාව ලබා නොදෙන්නට ඉන්දියාව සහ ලංකාව වග බලා ගත්තේ ය.                               

ඒ අතරින් ශ්‍රී ලංකා වූෂු කණ්ඩායම නේපාලයට පිටත් වන්නට පෙරම ලංකාවේ ක්‍රීඩා පරිපාලනයෙන් ලංකාවේදීම පදක්කමක් ලබා තිබිණිඒ ශ්‍රී ලංකාවේ දකුණු ආසියාතික තරගාවලිය වෙනුවෙන් පිහිට වූ සංචිත අතරින් තමන්ට ලැබුණු ප්‍රතිපාදනවලින් උපරිම සහ පලදායීම ප්‍රයෝජනය ගත්තේ වූෂු පරිපාලනය බවට ලැබුණු පැසසුමෙන්යකෙසේ හෝ තමන්ට වාසිදායක නොවන පොළවක රන් පදක්කම් දෙකක් ලබමින් රන් සටහනේ පස්වන දක්වා පහත බැස දකුණු ආසියාතික තරග ඉතිහාසයේ ඛේදනීයම පරාජය අසළ සිටි ලංකාව ඉන් දුරස් කිරීමට වුෂූ ක්‍රීඩාව ලබා දුන් රුකුල සුළුකොට තැකිය නොහැකියඅගය කළ යුතුය.

- නිශ්මං රණසිංහ ෴


මංජුල කුමාර දකුණු ආසියාතික තරඟ ඉතිහාසයේ අපරාජිත ක්‍රීඩකයාය.

ඔහුට ක්‍රීඩාවෙන් අභිමානවත් සමුගැනීමක් කෘතවේදීව ලබාදීමට මෙරට ක්‍රීඩා බලධාරීන්ට තිබුණ අවස්ථාව ජාතික ක්‍රීඩා උළෙල ය. ඔහු ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු අතර  ලංකාවට ආවේ ඒ අවස්ථාව උදාකර ගැනීමට ය. නමුත් ක්‍රීඩා බලධාරීන් නම්නීය වූයේ නැත. ඒ අවස්ථාව ඔහුට ලබා දුන්නේ නැත. එපමණක් නොව හීනියට කතාවක් ද ගොඩ නැඟුවේය. ඒ තරග උළෙලේ පිරිනමන මෝටර් රථය වෙනුවෙන් ඔහු පනින්නට ආ බව කියමින්ය. බලධාරීන් ලැජ්ජා විය යුත්තේ මංජුල වැනි ක්‍රීඩකයෙක් සමුගන්න මොහොතේ තිළිණයක් ලෙස මෝටර් රථයක් පිරිනමන්නට නොහැකිවීම ගැන ය. ඒත් ලැජ්ජා නැති අයගේ හැසිරීම ගැන කියන්නට දෙයක් නැත.

කෙසේ හෝ මංජුලට ඒ සමඟම දකුණු ආසියාතික තරඟ අවස්ථාව ද අහිමි විය. ඔහු උස පැනීමෙන් ලංකාවට එක දිගට ලබා දුන් රන් පදක්කම අහිමි කෙරුණා පමණක් නොව උස පැනීමෙන් ලංකාවට කිසිදු පදක්කමක් හිමි කර ගැනීමට නොහැකි විය. සමහර විට මංජුල හිටියා නම් පදක්කම් දෙකක් ලංකාවට හිමිවන්නට ඉඩ තිබිණි. ඒ ඔහු සිය අත්දැකීම් සමඟ තරඟය තුළ නවක ක්‍රීඩකයන් පෙරට ගෙන එන්නට දෙන උපදෙස් කාමරවල සිට තීරණ ගන්නා නිලධාරීන් නොදන්නවා වුවත් ක්‍රීඩා පිටියේ සිටින අයට ඒවා සුලබ අත්දැකීම් බැවිනි. එසේම මංජුල දකින ප්‍රතිවාදීන් තුළ ඇති වන මානසික පීඩනයද සුළුපටු නොවේ. ඔහු ජාත්‍යන්තර තරග පිටියට පිවිසි විට තරඟකරුවන් ඔහුට දක්වන ගෞරවය හා සමානව තීරකයන් සහ නිලධාරීන් ද ඔහුට ගරුසරු කිරීම ඉතාමත් සුපුරුදු ය.

නමුත් ක්‍රීඩාව තුළ ඇත්තේ සහ ක්‍රීඩාව පවතින්නේ තමන්ගෙ තේජස සහ වික්‍රමයන් මත යැයි සිතන නිලධාරීන් මංජුල වැනි දශක දෙකකට ආසන්න කාලයක් රට රනින් බැබැළවූ ක්‍රීඩකයෙක්ට ගෞරවනීය සමුගැනීමකිවත් දෙන්නට නොදන්නා අමනයින් ය. ඒ රටේ ක්‍රීඩාවේ කරුමය ය. ඒ කරුමය ලංකාවට හිමිවන්නට නියමිත රත්රන් කීර්තිය අහිමි කරන්නේ නම් රට ගැන හැඟීමක් ඇති සියල්ලෝ ඊට විරෝධය දැක්විය යුතු ය.

වම් ඉවුරේ වෙබ් නාදය